OPPO A7 ඇණවුම් කරන පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග

OPPO නවතම ස්මාර්ට් දුරකථන මාදිලිය OPPO A7 මෙම මාසය අවසානයේදි වෙළඳපලට හඳුන්වා දීමට කටයුතු යොදි ඇති අතර 2018 නොවැම්බර් 08දා සිට ඒ සඳහා ඇණවුම් භාරගැනේ.

රුපියල් 45 990කට මිලදී ගත හැකි මෙම දුරකථනය AI 2.0 තාක්ෂණය සහිත 16 mega pixel ඉදිරිපස කැමරාව 13mp+2mp පසුපස ද්විත්ව කැමරා සහ 4230mah බැටරිය වැනි විශේෂාංග රැසකින් සමන්වින වෙයි. විශේෂාංග රැසකින් වෙළඳපලට පැමිණෙන මෙම දුරකතනය බෙහෙවින් ජනප්‍රිය වෙතැයි OPPO සමාගම පවසයි.

බලයලත් අලෙවිසැල් වෙතින් මෙම දුරකතනය කල්තබා ඇණවුම් කරන පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග පිරිනැමීමට කටයුතු කර ඇත.

Leave A Reply

Your email address will not be published.

.