OPPO R-Series දුරකතනය ලඟදීම ලංකාවට

ලොව ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකල OPPO R-Series දුරකතන මාදිලි පෙළ ලඟදීම ශ්‍රි ලංකාවට හදුන්වා දීමට OPPO Sri Lanka සමාගම කටයුතු යොදා තිබේ. 2014 හඳුන්වා දුන් මෙම දුරකතන මාදිලි පෙළ තුල දුරකතන වර්ග 10කට වැඩි සංඛ්‍යාවක් හදුන්වා දී ඇති අතර එම දුරකතන පෙරළිකාර නව විශේෂාංග සහිත වීම විශේෂාංගයකි.‍

අනෙකුත් දුරකතන අතරින් OPPO R-Series දුරකතනය කැපි පෙනෙන නිමාවකින් සහ විශීෂ්ඨ කැමරා තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. මේ අතර OPPO සමාගම තරඟකාරි වෙළඳපල තුල අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට සමත්ව තිබේ.

මෙම OPPO R-Series දුරකතනය යනු ‘මෙටලික් සහ ‘Glass Gradients’ රටාවන් සමඟ පැමිණි ප්‍රථම දුරකතන අතරින් එක් මාදිලි පෙළකි. එක සමාන සිල්වර් ගොල්ඩ් සහ රෝස් ගොල්ඩ් වර්ණයෙන් වෙළඳපල පිරිගිය අතර OPPO විසින් ප්‍රථම වරට ‘මෙටලික් රෙඩ්’ වර්ණයෙන් OPPO R9 වෙළඳපලට හදුන්වා දුන් අතර පසුව රතු සහ නිල් මිශ්‍ර කරමින් එහි ‘FC Barcelona edition’ හදුන්වා දෙන ලදී. පසුව ‘Crescent Curved’ නිමාව R11 දුරකතනය හදුන්වා දෙන ලදී. R15 දුරකතනය මගින් ‘රූබි රෙඩ්’ සහ ‘කොස්මික් පර්පල්’ වර්ණය හදුන්වා දී තිබේ.

මෙම දුරකතනයේ කැමරාව මෙහි තවත් සුවිශේෂි අංගයක් ලෙස හැදින්විය හැකි. OPPO R-Series දුරකතනයේ කැමරාව මගින් අඩු ආලෝක තත්වයක් යටතේ වුවද විශිෂ්ඨ ඡායාරූප ලබා ලැනෘමේ හැකියාව ඇති නිසා මෙම දුරකතනය වෙළඳපලට පැමිණීමත් සමඟ සාම්ප්‍රදායික කැමරා සහිත දුරකතන වලින් බැහැර වලින් බැහැරව මෙම දුරකතන භාවාතයට යොමු වී තිබේ. R1 දුරකතනය 2013 දි හදුන්වා දුන් අතර එහි f/2.0 කැමරා විවරය බොහෝ දෙනෙකු විශ්මයට පත් කිරිමටද සමත් වී තිබේ.  තවද OPPO R11 දුරකතනය 20MP කැමරා සහිතව වෙළඳපලට පැමිණි මාදිලි වලින් එකකි.

‘REAL, REVOLUTION and REFORM’ යන තේමාව මුල්කරගත් R-Series දුරකතන පෙළ හදුන්වා දීමත් සමඟ OPPO සමාගම සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

 

R-Series දුරකතන පෙළ නිෂ්පාදනයේදි නව තාක්ෂණික ක්‍රම අත්හදා බැලීමටද OPPO උත්සහ කර ඇති අතර OPPO නව්‍යකරණයට සහ වර්ධනය කෙරෙහි මුලිකත්වය දෙන සමාගමකි.

R-series දුරකතන මාදිලි පෙර මාදිලි වල අභාෂය ලබා තවත් පියවර කිහිපයක් ඉදිරියට සමත් වුවකි. OPPO නවතම මාදිලියක් වන R17 Pro සමගින් ලාංකික පාරිභෝගිකයින් වෙත හිමිවනුයේද මෙම විශිෂ්ටත්වයමය. ඒ නුව ඔවුන්ට විශිෂ්ට නිමාවක්, විශිෂ්ට ක්‍රියාකාර්වයක් සහ විශිෂ්ට කැමරා තාක්ෂණයක් සහිත සුවිශේෂි නව දුරකතන පෙළක් මිලදි ගැනීමට අවස්ථාව හිමිවන බව OPPO සමාගම පවසයි.  

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

.