විනාඩි 30න් චාර්ජ් කල හැකි SuperVOOC අධිවේගී ආරෝපණ තාක්ෂණය

OPPO වෙතින් තවත් හදුන්වා දීමක්. ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන සියලු දෙනා දැන් සොයන්නේ තම දුරකතනය ඉක්මනින් ආරෝපණය කලහැකි ක්‍රමයකි. ඒ සඳහා විසදුමක් මේ වන විට  OPPO වෙතින් ලැබී තිබේ.  

අධිවේගයෙන් ආරෝපණය වන තාක්ෂණයන් හදුන්වා දීමේ පුරෝගිමියෙකු වන OPPO සමාගම SuperVOOC Flash Charge තාක්ෂණ්‍ය හදුන්වා දී ඇති අතර එමගින් විනාඩි 35ක කාලයක් තුල දුරකතනය 1%-100% දක්වා ආරෝපණය කිරිමේ හැකියාවක් පවති.

මේ වන විට ඉහලින් ඇති R17 Pro දුරකතනය ඇති Ultra Night Mode විශේෂ තාක්ෂණ්‍ය හැරුණු විට අනෙක් විශේෂාංගය වී ඇත්තේ SuperVOOC Flash Charge  අධිවේගයෙන් ආරෝපණය තාක්ෂණයි. මෙය R17 Pro දුරකතනයට මෙන්ම Find X මාදිලියටද ඇතුලත් කර තිබේ. මෙය වත්මන් අධිවේගී ජීවන රාටන්ට ගැළපෙන තාක්ෂණයක් ලෙසද හැදින්විය හැක.

මේ පිළිබඳ විස්තර

VOOC(Voltage Open Loop Multi-step Constant-Current Charging) යනුවෙන් හඳුන්වන්නේOPPO Electronics විසින් නිර්මාණය කර 2014 වසරේදි හඳුන්වා දෙන ලද්දකි. මෙහිදි රත්වීමකින් තොරව වොට් 25 මට්ටමකදී දුරකතන ආරෝපණය කිරිම සඳහා  විශේෂ ඇඩප්ටර් සහ කේබල් භාවිතා කල අතර 2018 දි මෙය වැඩිදියුණු කර SuperVOOC තාක්ෂණය හදුන්වා දෙන ලදි.

SuperVOOC තාක්ෂණයේදි වොට් 50කට ආසන්න ආරෝපණ බලයක් ලබා දිම සඳහා නිර්මාණශිලි ද්විත්ව කුටීර(bi-cell) බැටරි ක්‍රමයක් භාවිතා කරයි. මෙමගින් විනාඩි 35 තුළ දුරකතනය ආරෝපණය වන අතර දැනට පවතින අනෙකුත් ආරෝපණ තාක්ෂණයන්ට වඩා මෙය 04 ගුණයක් වේගවත්ය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ විඩියෝ නරඹන විට හෝ ක්‍රිඩා කරන විටත් දුරකතනය වේගයෙන් ආරෝපණය වීමේ හැකියාවක් මෙම SuperVOOC තාක්ෂණයේදි  දක්නට ලැබේ.

මෙම අධීවේගි ආරෝපණ තාක්ෂණය සුරක්ෂිතද යන්න ප්‍රශ්ණයක් මතු වුවහොත් එයට පිළිතුර නම් ඔව් යන්නයි.

මන්ද VOOC සහ SuperVOOC තාක්ෂණය නිර්මාණය කර ඇත්තේ ආරක්ෂාවට ප්‍රමුකත්වයක් ලබා දෙමිනි. මෙය ආරෝපණය වෙමින් පවතින විට ආරක්ෂිත දුරකතනය භාවිතා කල හැකි අතර අඩු වෝල්ටීයතාවය නිසා දුරකතනය හෝ චාජරය රත්වීමක් සිදුනොවෙයි. එමෙන්ම බැටරියේ ආයු කාලයටද බලපෑමක් නැත.

VOOC සහ SuperVOOC අතර වෙනස්කම් මොනවාදැයි විමසුවහොත්,

SuperVOOC යනු VOOC තාක්ෂණයේ දියුණුවකි. වෙළඳපලේ අනෙකුත් අධීවේගි ආරෝපණ තාක්ෂණයන් වලදි  වැඩි වොල්ටීයතාවයක් භාවිතා වන නමුත් මෙම ක්‍රමයේදි වැඩි ඇම්පියර් ප්‍රමාණයක් භාවිතා වේ.

VOOC ආරෝපණයේදි Micro-USB කේබලයක් භාවිතා කරන අතර SuperVOOC තාක්ෂණයේදි භාවිතා කරනුයේ SUB Type-C ක්‍රමයකි. එමෙන්ම SuperVOOC හිදි තවත් පේටන්ට් බලපත්‍ර හිමි තාක්ෂණ්‍යන් රැසක් සහ ද්විත්ව කුටීර සැලැස්මක් භාවිතා වන අතර එමගින් Find X දුරකතනයත් විනාඩි 35 ඇතුලත ආරෝපණය කිරිමට හැක.

සාමාන්‍ය VOOC තාක්ෂණය යටතේ R15 දුරකතනයක් 0 සිට 50% දකවා ආරෝපණය කිරිමට විනාඩි 30ක් ගතවන අතර එය පුර්ණ වශයෙන් ආරෝපණයට ගතවන කාලය විනාඩි 90කි. එහෙත් SuperVOOC මගින් OPPO දුරකතනයක් විනාඩි 30කින් සම්පුරණයෙන්ම ආරෝපණය කිරිමට හැකි වේ.

SuperVOOC තාක්ෂණයේ ක්‍රියාකාරිත්වය

සමාන්‍ය චාජරයකින් බැටරිය ආරෝපණය වනනේ නොවෙනස් ආරෝපණ ක්‍රමයකින් නිසා වැඩි කාලයක්ද ගතවෙයි. මීට සාපේක්ෂව අධිවේගි ආරෝපණ තාක්ෂණ වලදී වැඩි බලයක් ලබා දී ආරෝපණය කිසියම් මට්ටමකට පැමිණි පසුව එය අඩු කරනු ලබයි.

මුල්කාලීන VOOC තාක්ෂණයේදි ආරෝපණ වේගය 5V/4A  දක්වා වැඩිකර 20W බලයක් ලබදෙන ලදී. එම නිසා විනාඩි 30ක් ඇතුලත දුරකතනය 60%ක් පමණ ආරෝපණය කල හැකි විය.

SuperVOOC  ඇතුළුව තවත් නවීන තාක්ෂණයන් රැසක් සමඟ නවතම නිමාවන් එක්තැන් කරමින් OPPO R17  වැනි දුරකතන නිර්මාණය කිරිමට සමත් වීම නිසා, අද දවසේ අතීශයින් තරඟකාරි වන ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල වේගයෙන් පෙරට පැමිණීමට OPPO සමාගමට හැකියාව ලැබී තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

.