Huawei සමාගම P30Pro ජංගම දුරකථනය මෙරට වෙළඳපලට හඳුන්වා දෙයි

ලොව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම්  සම්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන Huawei, පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති වර්ණවත් උළෙලකදී Huawei
P30 Pro ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය.

ස්මාර්ට්  ජංගම දුරකථන ඡායාරූප අත්දැකීම නැවුම්න වෙසකට ලක්කරමින් වෙළඳපලට පිවිසෙන මෙම දුරකථනය ලොව ප්‍රථම Leica Quad කැමරාපද්ධතියෙන් සමන්විත වේ. HUAWEI සමාගමේ ලොවප්‍රථම Super Spectrum සෙන්සරයෙන් යුතු40MP කැමරාවකින්ද, 20MP Ultra-Wide angle කැමරාවකින්ද, 8MP Telephoto කැමරාවකින්ද මෙම කැමරාපද්ධතිය සවිබල ගන්වා ඇති අතරHUAWEI ToFකැමරාවෙන් සහ 32MP ඉදිරිපස කැමරාවෙන් සෙල්ෆි ඡායාරූප සඳහා උපරිම ගුණාත්මක බවක් හිමිකර දෙයි.
මෙම නවතමHuawei ජංගම දුරකථනය පිළිබඳ අදහස් පළ කරමින්එම සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේ, නවෝත්පාදනය මුල්කරගත් ශිෂ්ටතමජංගමදුරකථනසියපාරිභෝගිකයන්  හට ලබාදීමට Huawei සන්නාමය නිබඳව කටයුතුකර ඇති බවය. “Huawei P30Pro යනු Huawei P මාදිලිපෙළට එක්වූ නවතම සාමාජිකයාවන අතර, ලොව ප්‍රථම Super Spectrum සෙන්සරය, නවතමTime of Flight (ToF) කැමරාව සහ වැඩිදියුණු කරන ලද කෘත්‍රිම බුද්ධිමයතාක්ෂණයෙන් යුතු Image stabilization තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද රැසකින් අනූනවනවා.
ඒඅනුවHUAWEI P30Pro යනු නිරන්තරයෙන් අපූර්ව ඡායාරූප සහ වීඩියෝ හිමිකරදෙන ජංගම දුරකථනයක් ලෙස හඳුන්වාදිය හැකියි ” අඟල්1/1.7කHUAWEI Super Spectrum සෙන්සරය මගින්  ඉතා අඩු ආලෝක තත්ත්ව වලදී පවා ඉතා සුපැහැදිලි ඡායාරූප හිමිකර දෙයි.

මෙහි ඇති Super Zoom කාචය 5ගුණයක Optical Zoom පහසුකමද, 10ගුණයක Hybrid Zoom පහසුකමද, 50ගුණයක Digital Zoom පහසුකමද හිමිකරදෙයි. HUAWEI P30 Pro ජංගම දුරකථනයටම සුවිශේෂී වූ HUAWEI ToF (Time of Flight) කැමරාව හරහා වඩාත් නිරවද්‍ය ඡායාරූප ඛණ්ඩනයක් ලබාදීම සඳහා ක්ෂේත්‍ර ගැඹුර (Depth-of-Field) ලබාදෙයි. මෙහි ඇති Super Portrait
පහසුකම හරහා දර්ශනවල ඇති ඉතාසියුම්ර තොතුරුපවා ග්‍රහණය කරගැනීමට හැකිවේ. AI HDR+ පහසුකම හරහා ඉදිරිපස සහ පසුපස කැමරා මගින් ආලෝකකරණය සමබර නොවන ඡායාරූප වලින් වැලකීම සඳහා කෙටිකාල වලදී ලබාගත් ඡායාරූප කිහිපයක් ඒකා බද්ධ කිරීමේ හැකියාවද මෙම දුරකථනයට හිමිවී ඇත.

 

වීඩියෝකරණය සඳහා උනන්දුවක් දක්වන පිරිස සඳහා අඩු ආලෝක තත්ත්ව වලදී පවා දැකුම්කළු වීඩියෝ දර්ශන ලබාදීමට HUAWEI Super Spectrum පහසුකමට හැකිය. මෙහි ඇති AIS සහ OIS තාක්ෂණය නිසා ස්ථායී  වීඩියෝ දර්ශන ලබාගැනීමේ හැකියාවද මෙම දුරකථනයට හිමිවී ඇත. තවද, මෙහි ඇති Super Zoom කාචය හරහා ඉතා සමීප වීඩියෝ දර්ශන සුපැහැදිලි ලෙස ලබාගත හැකි අතර, AI Video Editor හරහා එම වීඩියෝ දර්ශන වලට පසුතල සංගීතය සහ තවත් විශේෂ ප්‍රයෝග යෙදීමටත් හැකිවේ.
HUAWEI Dual-View Video පහසුකම නිසා එකවර කැමරා කිහිපයක් භාවිත කරමින් එකම දර්ශනයේ දෘෂ්ඨිකෝණ දෙකක් හසුකරගැනීමට පාරිභෝගිකයාට හැකිවේ.

අඟල්6.47ක දර්ශන තිරයකින් යුතු P30 Pro ජංගමදුරකථන Breathing Crystal, Aurora Blue සහ Black යන වර්ණවලින් මිලදීගත හැකිය. ඉතාකුඩා notch එකකින් සමන්විත FHD+ (2340×1080) Dewdrop දර්ශනතිරය උපරිම දර්ශන තිර අත්දැකීමක් පාරිභෝගිකයාට හිමිකරදී ඇත.
මෙහි ඉදිරිපස නැමුම් වලින්ර තොර වීදුරු මුහුණත In-Screen Fingerprint තාක්ෂණයෙන් යුතුවන අතර ඒ හරහා වඩාත් කඩිනමින් සහ ආරක්ෂිතව ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට හැකිවේ. මෙහි ඇති HUAWEI  Acoustic Display තාක්ෂණය හරහා ගුණාත්මක බවින් ඉහල ශ්‍රවන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමිකර දෙයි.
7nm Kirin 980 තාක්ෂණයෙන් සමන්විත HUAWEI P30Pro දුරකථනය විශිෂ්ට ක්‍රියාකාරීත්වයෙන් සහ උසස්ම කාර්යක්ෂමතාවයෙන් මෙන්ම වේගවත් පසුතල හඳුනාගැනීමේ හැකියාවෙන්ද යුතුවෙයි.
මෙහි ඇති Read-Only File පද්ධතිය (EROFS) ජංගම දුරකථනයේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණුකරයි. නවතම EMUI 9.1තාක්ෂණය HUAWEI Share OneHop සඳහා සහයෝගය දක්වන බැවින් Huawei ජංගම දුරකථන සහ Huawei ලැප්ටොප් පරිගණක අතර පහසුවෙන්දා බෙදාහදා ගැනීමට හැකිවේ.
HUAWEI P30 Pro ජංගම දුරකථනය 4200mAh බැටරියකින් යුතුවන අතර එහි ඇති 40W SuperCharge පහසුකම හරහා එම බැටරිය විනාඩි30ක කාලයක් තුළ 70% ක් දක්වා ආරෝපණය කරගත හැකිය.
තවද මෙහි ඇති SuperCool තාක්ෂණය හරහා දුරකථනය අධික ලෙස භාවිත කරන අවස්ථා වලදී පවා එහි උෂ්ණත්වය පාලනය කරදෙයි. තවද, Dual SIM සහ Dual VoLTE සබඳතාව සඳහා සහයෝගය ලබාදෙන උසස් තාක්ෂණික  රැහැන් සහිත සන්නිවේදන හැකියාවලින්ද මෙම දුරකථනය සවිබල ගන්වා ඇත.
8GB Ram සහ 256GB ROM එකකින් යුතු Huawei P30 Pro දුරකථනය රු.179,999කට මිලදී ගතහැකිය. සියලුමHuawei අත්දැකීම් මධ්‍යස්ථානවලදී මෙන්ම ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිකරුවන සිංගර් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරවල දීද, තෝරාගත්  ඩයලොග් සහ මොබිටෙල් මධ්‍යස්ථාන වලදීද Huawei Pමාදිලිය මිලදී ගැනීමේ අවස්ථාව සලසා ඇත.

Leave A Reply

Your email address will not be published.

.