iphone නිර්මාණකරු ඇපල් සමාගමෙන් ඉල්ලා අස්වෙයි

iphone නිර්මාණකරු ශ්‍රිමත් ජොනතන් අයිව් ඇපල් සමාගමෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍ය  ජාතිකයෙකු වන මොහු වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇපල් සමාගම ලොව ප්‍රධාක පෙලේ සමාගමක් බවට පත් කරන්නට මුලික විය.

මොහු අයිමැක්, අයි පෝඩ් සහ අයිෆෝනයේ නිර්මාණකරු වෙයි. ජොනතන් ඇපල් සමාගමේ නිර්මාණ අංශ ප්‍රධානියා ලෙස පත්වන විට මෙම සමාගම පාඩු ලබමින් සිට තිබේ.

Image result for jonathan ive

ඉන් අනතුරුව මොහු 1998 අයිමැක් හදුන්වා දුන් අතර 2001 අයිපෝඩ් සහ 2007 අයිෆෝන් හදුන්වා දී තිබේ. මේ අතරින් අයිෆෝනය ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම ලාභ ඉපයු භාණ්ඩය වෙයි.

ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පැවසුවේ ජොනී අයිව්ගේ නිර්මාණ හැකියාව අසමසම බවත්, ඔහුගේ 1998  නිර්මාණය කල අයි-මැක් තවමත් ඉහළ කතාබහට ලක්ව ඇති බවත්ය.

ජොනතන් අයිව් විසින් තමන්ගේම සමාගමක් ලව් ෆ්‍රොම්(LoveFrom)නමින් ආරම්භ කරන බවත් ඒ හේතුවෙන්  ඇපල් සමාගමෙන් ඉවත්ව යන බව නිවේදනය කර තිබේ.

Image result for jonathan ive

මීට අමතරව, ඇපල් සමාගම ආඩම්බරයෙන් ප්‍රකාශ කර ඇත්තේ එය ජොනී අයිවන්ගේ (LoveFrom) සමාගමේ පළමු පාරිභෝගිකයා වනු ඇති බවයි. ඒ හා සමානව, ජොනී අයිවි වෙනුවට එවාන්ස් හොන්කි සහ ඇලන් ඩි අගුවර් ද පත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.

.