පෙරළිකාර vivo S1 මෙරට වෙළඳ පොලට හඳුන්වා දෙයි

Super AMOLED Halo FullViewTM Screen සහ 32MP AI Selfie Camera මෙන්ම  AI Triple Rear Camera ආදී විශේෂතා රැසක් සහිතයි

ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo සිය S කාණ්ඩයේ ස්මාර්ට්ෆෝනය මෙරට වෙළඳ පලට ඉදිරිපත් කරමින්  නවතම vivo S1 ස්මාර්ට්ෆෝනය හඳුන්වා දෙයි. 32MP AI සෙල්ෆි කැමරාවක් සහිතව  සහ පසුපස AI කැමරා ත්‍රිත්වයක් සහිතව  මෙම නවතම ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ.  කලාපයේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන vivo,සහස්‍රකයේ යොවුන් පරපුරෙහි අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ඉතා සිත්ගන්නා සුළු අකාරයට චමත්කාරජනක ලෙස  නිර්මාණය කර තිබේ.

 S1 ස්මාර්ට්ෆෝනය තාරුණ්‍යයේ නවීන විලාසිතාවට ගැලපෙන ආකාරයට නිමවා ඇති අතර එහි ඇති AMOLED Halo Full View Display නිසා  වීඩියෝ සහ ඡායාරූප කරණයේදී නියම ස්වාභාවික වර්ණ නිසි ආකාරයෙන් ග්‍රහණය කර ගැනීම මෙන්ම  අන්තර්ජාල පරිහරණය ආදී කටයුතු පහසු කරවයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජිඈන්ග් සඳහන් කළේ පාරිභෝගික අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින්  නිෂ්පාදන ඉදිරිපත් කිරීම  vivo හි ක්‍රමෝපාය බවයි. විශේෂයෙන්ම නව යොවුන් පරපුර  සඳහා වන  තාක්ෂණික විශේෂාංග රැසක් සහිත vivo S1 ස්මාර්ට්ෆෝනය  පාරිභෝගික අත්දැකීම් පුළුල් කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටු කිරීම සදහා හදුන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය. ප්‍රමුඛ පෙළේ ස්මාර්ට්ෆෝනයක ඇති විශේෂාංග කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් පිළිබඳ සැලකිළිමත් වෙමින්  vivo S1 ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇති බව vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරිවරයා  වැඩිදුරටත් පැවසීය.

තාරුණ්‍යයේ විලාසිතාවට ගැලපෙන ආකාරයට 2.5D effects සහිතව නිමවා ඇති vivo S1 ස්මාර්ට්ෆෝනය එම පරාසයේ ප්‍රමුඛතම අනිකුත් ස්මාර්ට්ෆෝන් හා සමාන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත තිළිණ කරන බව ද කෙවින් ජිඈන්ග් පෙන්වා දුන්නේය. මෙම නවතම vivo S1 ස්මාර්ට්ෆෝනයෙහි බාහිර පෙනුම සලකා බැලූ විට  සිව් කෙළවර වක්‍රාකාර වූ හැඩය අතෙහි රඳවා ගැනීම පහසු වන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයක් බවද හෙතෙම පැවසීය. මෙරට වෙළඳපලේ පවතින එම පරාසයේ අනිකුත් ස්මාර්ට්ෆෝන් වලට වඩා තුන් ගුණයකින් කාර්යක්ෂම  ඇඟිලි සළකුණු (fingerprint)තාක්ෂණය සහිතව මෙම නවතම vivo S1 ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබේ.

නවතම  vivo S1 ස්මාර්ට්ෆෝනයයෙහි ඇති AI සෙල්ෆි කැමරා පහසුකම තුළින් පරීපූර්ණ, විචිත්‍රවත් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතියි. නියම ස්වාභාවික වර්ණ ඒ ආකාරයෙන්ම නිරූපනය කෙරෙන තිව්‍ර  සවිස්තරාත්මක සෙල්ෆි ඡායාරූප මෙමඟින් ලබා ගත හැකිවන නිසා එය සෙල්ෆි ඡායාරූප කලාවේ නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.

නවතම ආකර්ශණීය පෙනුමක් සහිත vivo S1 ස්මාර්ට්ෆෝනයෙහි Diamond Black මාදිලිය දියමන්ති රටා සහිත හුවමාරු වන වර්ණාවලියක් සහිත වන අතර Skyline Blueවර්ණයෙන් යුතු මාදිලියක්ද වෙළඳ පලට හදුන්වා දී තිබේ. vivo හි  Dual-Engine Fast Charging තාක්ෂණය නිසා ඉක්මනින් මෙම ස්මාර්ට්ෆෝනය චාර්ජ් කර ගැනීමේ හැකියාව ද පවතින නිසා vivo S1 පරිහරණය කිරීමේදී ඉක්මනින් බැටරිය බැසයාම වැනි තත්වයක් ඇති නොවනු ඇත. vivo හි  Funtouch OS 9.0 මෙහෙයුම් පද්ධතිය නිසා වඩා කාර්යක්ෂමව මෙහි පහසුකම් අත්වීදිමට අවස්ථාව හිමිවෙයි.

2019 වසරේ අගෝස්තු මාසයේ සිට වෙළඳපලට නිකුත් කෙරුනු vivo S1 ස්මාර්ට්ෆෝනය රුපියල් 52,990/= කට වසරක වගකීමේ සහතිකයක් ද සමඟ විදුලි සංදෙශ නියාමන  කොමිෂන් සභාවේ EMI  අනුමැතිය සහිතව දිවයින පුරා පිහිටි vivo බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන්  මිලදී ගත හැකිය.

 vivo S1 හි විශේෂතා

            Display: 6.38 inches , Super AMOLED Halo FullViewTM Display

            Processor: MT6768 (P65)

            Front Camera: 32 Megapixel (AI)

            Rear Camera: 16 Megapixel + 8 Megapixel + 2 Megapixel (AI)

            RAM: 6GB inbuilt RAM

            Storage: Super Big 128GB ROM

            Battery: 4500mAh with vivo’s Dual-Engine Fast Charging Technology

            OS: Funtouch OS 9.0

            Screen Resolution: 1080×2340 (FHD+)

Leave A Reply

Your email address will not be published.

.