රන් මිල පහතට

ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

සිකුරාදා දිනයේදී පමණක් රන් මිල සියයට 4.5 කින් පහත වැටුණු අතර, ගතවූ සතියේ වාර්තාවූයේ 1983 න් පසු විශාලතම මිල අපගමනයයි.

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් අනෙකුත් වෙළදපලවලට ඇතිවූ බලපෑම නිසා ආයෝජකයන් රන් විකිණීමට පෙළඹීම මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවක් ලෙස සැළකෙනවා.

මේ වනවිට රන් අවුන්සයක මිල පවතින්නේ ඇමරිකානු ඩොලර් 1548 ක් ලෙස සාපේක්ෂව ඉහළ මට්ටමකයි.

Leave A Reply

Your email address will not be published.

.